Popular Posts

Tuesday 10 January 2012

සකි සඳ නුඹට

හිරුත් සඳුත් නැති ලෝකෙක
මන් තනි වූදා
පහන් තරුව විලසින් නුඹ
පාර කියූදා
සත්තයි මිතුරේ නුඹ මට

සොයුරෙකු වූවා

ගලායන්න ජීවිතයට රිසි අයුරින්ම
තැවුනේ නෑ දුක් කරදර ආවත් නිතර
සින සිසී හැම නිතරම මා ලඟ උන්න
නුඹ කල පින් බොහොම වැඩියි නිවනට යන්න

ලෙඩ දුක් නම් අපමන බැව් මා හා කීවා
දරාගන්න බැරි උන තැන රහසින් හැඩුවා
මරණය අභියස සිටියත් නොහඩන් කීවා
පුන්චි යෙහෙලියයි නුඹ මගෙ අවසන කිවා

පිය වුන ඔය ඇස් දෙක නෑ ආයෙ ඇරෙන්නේ
වෙනදා මෙන් නුඹේ සිනා නෑ සවනට ඇසෙන්නේ
අත් අල්ලන් ඇවිදින්නට නෑ ආයෙම ලැබෙන්නේ
නොකියා
ගියත් සසර මගේ එතෙර වෙන්න පතන්නේ

2 comments:

  1. නෙක වර්ණ
    නෙක සුවද
    මල් වලට
    හිත ගියද
    අරනක
    සුවද ඇති
    එකම මල
    ඹබ පමණි......

    ReplyDelete
    Replies
    1. සුවද ඇති
      එකම මල
      ඹබ පමණි....

      Delete