Popular Posts

Saturday 14 January 2012

A DREAMY NIGHY...

The moon, a young gentle birde,
jest a little smile on her face..
A cloud as the veil from which she hides,
her silvery bridal gown of face....

From her glim, she chased the gloom,
dreaful, dark and dreary..
To the dreams of young, sleeping in the room..
stars poured a hope dearly...

The sun's glow peeped to the meadow
and soon it was the dawn..
Upon the glade, I watched from the window,
but dreamy night was gone....

Friday 13 January 2012

දයාබර ළමා විය !

දයාබර ළමා විය !
කිමද නුඹ බලන්නේ

කඳුලු පිරි දෙනුවනින්
මා වෙන්ව ගියත් දැන්
වඩිනු ඇත නුඹෙ ලොවට
තවත් අය නිසැකවම


දඟකාර ළමා විය !
කිමද අඬගසන්නේ
කෙලි දෙලෙන් සිටින්නට
තවත් ඉඩ නොමැත මට

සමු අරන් යමි ඉතින්
උරුම වැඩිහිටි ලොවට


සෙනෙහෙබර ළමා විය !
අවoක වූ නුඹෙ සෙනෙහෙ

එපා මට තව තවත්
උනුන් පරයා නැගෙන
අනාගත මගෙ ලොවෙහි
කිරුළු පැළඳිය යුතුය
එයයි මගෙ ඉලක්කය
පරාජිත ළමා විය !

ඔයා මහා අයිස් කන්දක් .....


ඔයා

මහා අයිස් කන්දක්

දිය කරලා වතුර බින්දුවක් ගන්න හදත්දි

තවතවත් මිදෙන්න හදන

මහා අයිස් කන්දක්

මම

ඒ අයිස් දිය කරලා

වතුර ටිකක් අත් දෙකට ගන්න

බලාගෙන හිටියා ...

Thursday 12 January 2012

මේ ලියන කවි පද,මගේ සුරතේ ‍රැ‍ඳෙන පන්හිඳ වී..නුඹට පෙනුනා නම්...

මේ ගලන කඳුළු
ගිනි කන්දකින් වැටෙන ලෝදිය වී
නුඹ මතට කඩා හැළුනා නම්,
මා දැවෙන තරමක්,
නුඹට දැනගන්නට තිබුනා,.


මේ ගැහෙන හදවත,
වේදනා විඳින තරමක්,
මගේ හදවතේ ලේ බිඳුවක් වෙලා
නුඹ ගලා ගියා නම්,.
නුඹට දැනගන්නට තිබුනා,..


මේ ලියන කවි පද,
මගේ සුරතේ ‍රැ‍ඳෙන පන්හිඳ වී
නුඹට පෙනුනා නම්,
මා පෙම් කරන තරමක්,
නුඹට දැනගන්නට තිබුනා.....

Tuesday 10 January 2012

සකි සඳ නුඹට

හිරුත් සඳුත් නැති ලෝකෙක
මන් තනි වූදා
පහන් තරුව විලසින් නුඹ
පාර කියූදා
සත්තයි මිතුරේ නුඹ මට

සොයුරෙකු වූවා

ගලායන්න ජීවිතයට රිසි අයුරින්ම
තැවුනේ නෑ දුක් කරදර ආවත් නිතර
සින සිසී හැම නිතරම මා ලඟ උන්න
නුඹ කල පින් බොහොම වැඩියි නිවනට යන්න

ලෙඩ දුක් නම් අපමන බැව් මා හා කීවා
දරාගන්න බැරි උන තැන රහසින් හැඩුවා
මරණය අභියස සිටියත් නොහඩන් කීවා
පුන්චි යෙහෙලියයි නුඹ මගෙ අවසන කිවා

පිය වුන ඔය ඇස් දෙක නෑ ආයෙ ඇරෙන්නේ
වෙනදා මෙන් නුඹේ සිනා නෑ සවනට ඇසෙන්නේ
අත් අල්ලන් ඇවිදින්නට නෑ ආයෙම ලැබෙන්නේ
නොකියා
ගියත් සසර මගේ එතෙර වෙන්න පතන්නේ

Thursday 5 January 2012

තව එකම එක දවසක්..මම ජිවත් වෙනවා...

තව එකම එක දවසක්,



මම ජිවත් වෙනවා.




මම ඔයාලට දුකක්



වේදනාවක් දුන්න නම්,



මට සමා වෙන්න........



ඔයාල අතරට ,



ආයෙමත් කවමදාකවත් ,



මම එන්නේ නෑ



ඔයාල හැමෝම ,



සතුටින් ඉන්න,



මම ඔයාලගෙන්



සදහටම වෙන් වෙන්නයි





යන්නේ......








මම ඔයාලගේ ආදරණිය






2011 පරණ අවුරුද්ද





ලබන්නා වූ 2012 අවුරුද්ද





ඔයාල හැමෝටම



සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා........